mediahumanrights.lk
Local NewsNews

GMOA වැඩ වර්ජනයකට සූදානම්

සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂික වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියට අනවශ්‍ය ලෙස මැදිහත් වීම හේතුවෙන් වෛද්‍යවරුන් දහසකට ආසන්න පිරිසකට අසාධාරණයක් වී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඊයේ (21) චෝදනා කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ (PSC) අනුමැතියකින් තොරව වෛද්‍ය පුරප්පාඩු 78ක් අවලංගු කර ඇති බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දිය යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පිළිගෙන තිබුණ ද, සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම ක්‍රියාවලිය ප්‍රමාද කරමින් සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් අගෝස්තු 25 වැනිදා උදෑසන 8.00 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බවත්, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පවතින තත්ත්වය අනුව තීරණය කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

Related posts

අමෙරිකාවේ පොලිස් වධ හිංසා ගැන වාර්තාවක් එළියට

Shiran Viraj

එයා ඇකැමැති නම් මම රඟපාන්නෙ නෑ : රංගන ශිල්පිනී ධනංජි තාරුකා

Shiran Viraj

මන්ත‍්‍රීවරු 93ක් අගමැති රැස්වීම වර්ජනය කරති

Shiran Viraj
Translate »