26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNewsPolitical

ඉල්ලා අස්වූ අමාත්‍යධුරවල විග්නේෂ්වරන් දිවුරුම්දීමට සූදානම්

උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ සහ අධ්‍යාපන අමාත්‍ය ධුරයේ දිවුරුම්දිමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් සූදානම් වනවා.
උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය පී. අයින්කරනේෂන් ඉකුත්දා සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා.
එමෙන්ම උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටී. කුරුකුල රාජාද සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව පවසමින් ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදුන්නා.
ඒ අනුව පුරප්පාඩු වී ඇති අමාත්‍ය ධුරවල ප්‍රධාන අමාත්‍යවරයා දිවුරුම්දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
දිවුරුම්දීම පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ඉදිරියේ සිදුකරනු ඇති.
මේ අතර පුරප්පාඩු වී ඇති අමාත්‍ය ධුර දෙක වෙනුවෙන් අට දෙනෙකු ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සදහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

තලතා ජනපතිගේ වේදිකාවට ගොඩවේ.. රනිල්ගේ රැලියකින් උණ්ඩ හමුවේ..

Shiran Viraj

තවත් 244කට කොරෝනා…

Shiran Viraj

IMF-ශ‍්‍රී ලංකා සාකච්චා අසාර්ථකයි.. ණය දීම ප‍්‍රතික්‍ෂෙප කරයි..- ජාත්‍යන්තර මාධ්‍ය

Shiran Viraj
Translate »