27.2 C
Colombo
2026-09-30
mediahumanrights.lk
International NewsNews

අමෙරිකාවේ ‘කරුණාවන්තම විනිසුරු’ ෆ්‍රෑන්ක් කැප්‍රියෝ දිවි ගමනට සමුදෙයි

“අමෙරිකාවේ කරුණාවන්තම විනිසුරු” ලෙස අන්තර්ජාලය තුළ ජනප්‍රිය වූ විශ්‍රාමික මහේස්ත්‍රාත් ෆ්‍රෑන්ක් කැප්‍රියෝ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 88කි.

ඔහුගේ නිල සමාජ මාධ්‍ය ගිණුම්වලට අනුව, අග්න්‍යාශයේ පිළිකාවක් සමඟ දීර්ඝ කාලයක් තිස්සේ සටන් කිරීමෙන් පසු ඔහු “සාමකාමීව” මිය ගොස් ඇත.

“Caught in Providence” නම් රූපවාහිනී වැඩසටහනකින් ඔහු ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ අතර, ඔහුගේ කරුණාවන්ත හා මානුෂීය ක්‍රියා පිළිවෙත් හේතුවෙන් මිලියන ගණනකගේ ආදරය දිනා ගත්තේය.

ඔහුගේ වැඩසටහනෙන් උපුටා ගත් වීඩියෝ සමාජ මාධ්‍යවල බිලියනයකට අධික වාර ගණනක් නරඹා ඇත. මෙම වීඩියෝවලදී ඔහු සානුකම්පිතව කටයුතු කරන ආකාරය දැක ගත හැකි විය. බොහෝ විට ඔහු කුඩා දරුවන් විනිසුරු පුටුවට කැඳවා ඔවුන්ගේ දෙමාපියන්ට දඬුවම් නියම කිරීමට කටයුතු කළේය.

එක් අවස්ථාවකදී, තම පුතා ඝාතනය වී ඇති බව පැවසූ කාන්තාවකගේ කතාවට සාවධානව සවන් දුන් කැප්‍රියෝ විනිසුරුවරයා, ඇයට නිකුත් කර තිබූ ඩොලර් 400ක දඩ මුදල් සහ දඬුවම් අවලංගු කළේය.

Related posts

කොළඹ දැනට ප‍්‍රතිඵල නිකුත් කල සියල්ලම මාලිමාව දිනුම්.. ඒත් බහුතරය නෑ..

Shiran Viraj

ආවා කල්ලියේ හිටපු ප්‍රබලයාගේ නිවසට පෙට්‍රල් බෝම්බ ගැසූ හේතුව සැකකරුවන් හෙළිකරයි

Shiran Viraj

ශ්‍රී ලංකාවට ඇපල් සමාගමෙන් ආධාර

Shiran Viraj
Translate »