25.6 C
Colombo
2026-09-21
mediahumanrights.lk
Local NewsNews

ශිෂ්‍යත්ව විභාගයේ අනාගතය 2029 දී තීරණය වේ – නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍යවරයා

පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් රජයේ අවසන් තීරණය 2029 වසරේදී ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ මහතා පැවසුවේ, 2028 වසර වන විට විභාගයේ බලපෑම පිළිබඳව පුළුල් සමාලෝචනයක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවත්, එම සමාලෝචන වාර්තාව මත පදනම්ව 2029 දී තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවත්ය.

මෙම නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන විට, දරුවන් නාගරික පාසල් වෙත ඇතුළත් කිරීමේ අවශ්‍යතාව අවම වනු ඇතැයි ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ප්‍රාථමික අධ්‍යාපන ක්‍රමය විභාගවලට පමණක් සීමා නොවී, ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ දරුවන්ගේ සමස්ත සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Related posts

සභාපතිට කොරෝනා.. ඇමති සී.බී. සහ ප‍්‍රභූන් රැසක් සමග ඔහු උත්සවවල..

Shiran Viraj

දසුන් ශානක වගේ වැඩ කරමු..- ජනපති

Shiran Viraj

දෙමළ සන්ධානයේ ඉලක්කය ගැන හෙළි කරයි

Shiran Viraj
Translate »