26.7 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

චොකා මල්ලිගේ මරණ දඬුවම යළි තහවුරු කරන්නැයි කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයට

හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා (චොකා මල්ලි) ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 31) අවසර ලබා දුන්නා.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පෙත්සම සලකා බැලීමෙන් පසු මෙම නියෝගය නිකුත් කළ අතර, එහි විභාගය 2026 පෙබරවාරි 13 වනදා දක්වා කල් තබා තිබෙනවා.

අභියාචනා පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ, අභියාචනාධිකරණයේ තීන්දුව නීතියට පටහැනි බැවින් එය බලරහිත කර, මහාධිකරණය විසින් විත්තිකරුවන්ට නිකුත් කරන ලද මරණීය දණ්ඩනය යළි තහවුරු කරන ලෙසයි.

මෙම නඩුවට හේතුව වූයේ, 2015 ජනාධිපතිවරණ සමයේදී කහවත්තේ පැවති දේශපාලන රැලියකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ශාන්ත දොඩංගොඩ මහතා ඝාතනය කිරීමයි.

Related posts

ඩොලර් නැතිව එක මොහොතක්වක් ඉදිරියට යන්න බෑ… වරද යහපාලනයේ…

Shiran Viraj

කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තරුණියක් අනුරාධපුරයෙන් හමුවේ

Shiran Viraj

අවුන් සාන් සුකීගේ පක්ෂ මූලස්ථානයට හමුදා ප්‍රහාරයක්

Shiran Viraj
Translate »