29.6 C
Colombo
2026-10-08
mediahumanrights.lk
NewsPolitical

මහින්ද රාජපක්‍ෂට අගමැති ධුරය හිමි විය යුතුයි..- බැසිල්

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය හිමිවිය යුතු බව අදටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහ ඡන්දයෙන් බහුතර බලය ගත්තේ මහින්ද රාජපක්ෂ මහතා බවද හෙතෙම පවසයි.

සති අන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවේදී ඔහු මෙම අදහස් පළ කර ඇත.

එකක් කියන්න ඕනෑ පැහදිලිවම.රනිල් අගමැති කළේ අපේ පක්ෂයෙන් නොවෙයි. අරගලය වකවානුවේ අගමැති ධුරය වෙනස් කරන්න කියලා විශාල මතයක් ගොඩනැගුණා. අපේ පක්ෂයේ ස්ථාවරය අදටත් අගමැති ධුරය මහින්ද රාජපක්ෂ මැතිතුමාට හිමිවිය යුතුයි කියලා. අපේ පක්ෂයේ නායකයා හැටියට එතුමා තමයි ඡන්දයෙන් බහුතර බලයක් ගත්තේ. සර්ව පාක්ෂික සමුළුවට ගිහිල්ලත් කීවේ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් කරනවාට විරුද්ධයි.

අපි එතැනින් එහාට කෙනෙක් නිර්දේශ කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ ජනාධිපතිතුමා විවිධ අයත් එක්කත් සාකච්ඡා කළා. සරත් ෆොන්සේකාටත් ගන්න කිව්වා. සජිත් ප්‍රේමදාසටත් ගන්න කිව්වා. ලිඛිතවත් ආරාධනා කළා එන්න කියලා. ඊට පස්සේ එක්කෙනෙක්ව තේරුවා. රනිල් වැඩබලන ජනාධිපති ධුරයට පත් වුණේ ව්‍යවස්ථාව අනුවයි. ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා වැඩබලන ජනාධිපති ධුරයට පත් වෙනවා. ඔය කියන කාරණා දෙකේදී මගේ හෝ පක්ෂයේ මැදිහත්වීමක් වුණේ නැහැ.

තුන්වෙනි කාරණයේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් පත්කරන්න ඕනෑ. එතැනදී අපි තීරණය කළා ඒ කාරණය කරන්න පුළුවන් කෙනාට සහය දෙනවා කියලා. එකත් රටේ නීතිය හා සාමය ආරක්ෂා කරලා හැමෝටම නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න පුළුවන් පරිසරයක් හදන්න. දෙවැන්න වන මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අන්තර්ජාතික සහයෝගය ලබාගත හැකි පුද්ගලයා කව්ද කියලා. ඒ කරුණු දෙක මත අපි එතුමාට සහය දෙන්න තීරණය කළා. ඒ කාරණයේදී අපි සතුටුවෙනවා ඒ වෙලාවේ ගත්ත තීරණය ගැන. නමුත් පළමු පියවරවල් දෙකේදී අපි හෝ පක්ෂය ඊට සම්බන්ධ වුණේ නැහැ.

මහින්ද රාජපක්ෂට තමයි මේ රටේ ජනවරම ලැබුණේ. එයා ඉවත් කිරීමට අදත් විරුද්ධයි. ඒක ගෝඨාභය ජනාධිපතිතුමා ලවා කෙරෙව්වේ ව්‍යාපාරික පැලැන්තිය. දැන් ඒක අපේ ඇඟ උඩ දාන්න හදනවා.

– Aruna

Related posts

සරවණරාජාගේ හොර එලිවෙයි.. බිරිදගෙන් ඔහුට විරුද්දව පැමිණිල්ලක්…

Shiran Viraj

වන රක්‍ෂිතවල ඇති ජනතාවගේ ඉඩම් ජනතාවටම ආපසු දෙනවා..

Shiran Viraj

තරුණ ප්‍රජාවට තම ඡන්දය ලබා දෙන්න විශේෂ අවස්ථාවක්

Shiran Viraj
Translate »