31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Entertainment NewsLocal NewsNews

ශාර් රුක් ඛාන් වෙනුවට හෘතික් රෝෂන් ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ මහා උත්සවයට

දකුණු ආසියාවේ ප්‍රථම සුඛෝපභෝගී ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’ හි අති උත්කර්ෂවත් සමාරම්භක උත්සවය සඳහා බොලිවුඩ් සුපිරි නළු හෘතික් රෝෂන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව සංවිධායකයෝ නිවේදනය කරති. මෙම උත්සවය අගෝස්තු 2 වන දින පැවැත්වීමට නියමිතය.

මුලින් මෙම ආරාධිතයින්ට පමණක් විවෘත වූ උත්සවයට සහභාගී වීමට ෂාර් රුක් ඛාන් නියමිතව සිටියද, “අපේක්ෂා නොකළ සහ මග හැරිය නොහැකි පෞද්ගලික හේතු” මත ඔහු ඉවත් වූ බව සංවිධායකයින් සඳහන් කළහ.

ඉන්දියාවේ වඩාත්ම ප්‍රශංසනීය නළුවන් හා රංගන ශිල්පීන් අතරින් කෙනෙකු වන හෘතික් රෝෂන් දැන් මෙම ඓතිහාසික උත්සවයේ රතු පලස මත පා තබනු ඇත. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (John Keells Holdings) සහ මෙල්කෝ රිසෝට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් (Melco Resorts & Entertainment) එක්ව සංවර්ධනය කරන ලද මෙම මහා ව්‍යාපෘතියේ නිල එළිදැක්වීම මෙය සනිටුහන් කරයි.

Related posts

අයවැය මැද සභාව අත්හිටුවයි.

Shiran Viraj

IOC හා Sinopec පෙට‍්‍රල්, ඩීසල් අලෙවියෙන් පාඩුයි..- කංචන

Shiran Viraj

පොළී මුදලාලි නීති විරෝධී නැහැ – ජ්‍යෙ.නි. මහ බැංකු අධිපති කියයි

Shiran Viraj
Translate »