30.6 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතේ දෙවැනි කියවීම කල් දමයි – නව දිනයක් නියම වී නැහැ

2025 ජූලි 24 වනදා පාර්ලිමේන්තුවේ විවාදයට ලක්වීමට නියමිත වූ ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සඳහා නියමිත තෙවැනි කියවීම කල් දැමීමට තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ අද (ජූලි 22) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමේදීය. කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය මේ බව තහවුරු කළාය.

📌 කල් දැමූයේ මොකද?

පනත් කෙටුම්පතට සම්බන්ධ තාක්ෂණික කරුණු කිහිපයක් තවමත් අවසන් වී නොමැති නිසා, කෙටුම්පතේ දෙවැනි කියවීම තාවකාලිකව කල් දැමීමට තීරණය වී ඇත.

🗓️ ඒ වෙනුවට පාර්ලිමේන්තුවේ කතාබහ…

කෙටුම්පත වෙනුවට, ජූලි 24 වන දින පාර්ලිමේන්තුවේදී “යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ” පිළිබඳ විශේෂ විවාදයක් පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම විවාදය පස්වරු 5.30 දක්වා දිව යනු ඇති අතර, එය රජයේ යෝජනාවක් මත පදනම් වේ.

Related posts

දිලීර නාශක නෑ.. එළවළු පළතුරු තේ වගාව මහා විනාශයක.. ලංකාව සාගතයක් එලිපත්තේ…

Shiran Viraj

කොටියෙකු මැරූ තරුණයෙකු පේරාදෙණියේ දී අත්අඩංගුවට

Shiran Viraj

සේවා හැදුනුම්පත හෝ ඇදිරි නීති බලපත්‍ර නොමැති සියළුම දෙනා වරෙන්තු නොමැතිව අත්අඩංගුවට

Shiran Viraj
Translate »