28.9 C
Colombo
2026-09-18
mediahumanrights.lk
Local NewsNews

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අද

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අද (13) රාති‍්‍ර 7.40 සිට හෙට (14) උදැසන 8.28 දක්වා යෙදී තිබෙනවා.
ඊට පෙර ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර පුණ්‍ය කාලයේ පළමු කොටසේදී ආගමික වතාවත්වල යෙදිය යුතු බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.
අලුත් අවුරුද්ද උදාව සිදුවන්නේ හෙට අලුයම 2.04 ටයි. ආහාර පිසීමේ නැකත හෙට අලුයම 5.41 ට උදා වනවා.
මේ අතර නෙත් එෆ්.එම්. රේඩියෝව මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත‍්‍ර සිදුකරනු ලබන්නේ හොරණ රණවිරු ගම්මානයේදීයි. එහි කටයුතු අද පස්වරුවේ සිට සජීවිව ප‍්‍රචාරය කිරිමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

බස් ප‍්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර අද සිට

Shiran Viraj

සහල් අර්බුදය උග්‍ර අතට – වී මෝල් දහසක් වැසේ

Shiran Viraj

සිමෙන්ති මිටිය තවත් 600 කින් මිල ඉහලට..

Shiran Viraj
Translate »