2026-07-03
mediahumanrights.lk
NewsPolitical

IMF මීලග වාරිකය විදුලිබිල වැඩි කලොත් පමණයි.. ආර්ථික වේගය අඩු කරන්න ආණ්ඩු මොකටද..

ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීමට නොහැකි නම් ආණ්ඩුවෙන් වැඩක් නොමැති බවත් 2025දී ආර්තික වර්ධන වේගය සියයට 3.5ක් බවත් 2026දී ආර්ථික වර්ධන වේගය 3.1ක් බවට ආණ්ඩුව සඳහන් කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවැසිය.

ආර්ථික වර්ධන වේගය අඩු වෙනවානම් ආණ්ඩුවක් අවශ්‍ය නොමැති බවත් ආණ්ඩුවේ ආර්ථික මොඩලය වෙනස් කර ගත යුතුව ඇති බවත් ඔහු පැවැසීය.

ආර්ථික වර්ධන වේගය අඩුවෙන බවට සඳහන් කිරීමට ආණ්ඩුවට ලැජ්ජාවක් නොමැති බවද ඔහු පැවැසීය. මේ වෙනුවෙන් ආණ්ඩුවේ 159ටම අභියෝග කරන බවත් ඔහු පැවැසීය.

වත්මන් ආණ්ඩුව රට දියුණු කරන්නේ නම් ඒ සඳහා 2075 වෙනකම්වත් බලාගෙන සිටිය යුතුව ඇතැයි ඔහු පැවැසීය.

ආර්ථිකය ස්ථාවර වූයෙත්, උද්ධමනය අඩුවූයේත්, පොලිය අඩුවූයෙත් පසුගිය ආණ්ඩුව සමයේදී බව ඔහු පැවැසීය.

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළ සිරව ඇති බවත් මන්ත්‍රීවරයා පැවැසීය.

ජාත්‍යන්තර අරමුදලේ මීළඟ වාරිකය ලැබෙන්නේ ආණ්ඩුව විදුලි බිල වැඩි කළහොත් පමණක් බවත් විදුලි බිල වැඩි නොකරන බවට ආණ්ඩුවේ අමාත්‍යවරයා කළ ප්‍රකාශය ‘පට්ටපල් බොරුවක්’ බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

ADA

Related posts

"එස්.බී මහත්තයෝ අපි බඩගින්නට අසූචි කන්නේ නැහැ" විමල් වීරවංශ පිල් මාරු කරයිද ? විමල්ම කියයි .!

Shiran Viraj

ලක්ෂ විස්සක් වටිනා යතුරුපැදි සොරාගත් 3ක් දැලේ

Shiran Viraj

SB ගේ නිවසේ විශේෂ සාකච්ඡාවක්

Shiran Viraj
Translate »