28.9 C
Colombo
2026-07-09
mediahumanrights.lk
Local NewsNews

දෙමඩගොඩ අක්කර තුනහමාරක් වසර 99කට ආයෝජකයන්ට බදු දෙයි.. කැබිනෙට්ටුවේ අනුමතයි..

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා දීර්ඝකාලීන බදු පදනම මත බැහැර කිරීමේදී සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම සඳහා විධිමත් ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කළ යුතු බවට මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇත.

ඒ අනුව, රජයේ ඉඩම් ආඥාපනතේ 6 (1) වගන්තිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබ ඇති පහත සඳහන් ඉඩම් කොටස් නාගරික සංවර්ධන අධිකාරියෙහි සැලසුම් රෙගුලාසිවලට අනුගතව, රජයේ තක්සේරුකරුගේ තක්සේරුව මත පදනම්ව දීර්ඝකාලීන බදු පදනම මත බැහැර කිරීම සඳහා සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලි අනුගමනය කිරීම සඳහා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.

* සෙල්ලකතරගම නගර සංවර්ධන කටයුතු සඳහා අත්පත් කර ගනු ලැබූ ඉඩම් අතුරින් යෝජිත නගර සංවර්ධනයට අවශ්‍ය ඉඩම් වෙන් කිරීමෙන් පසු තවදුරටත් බැහැර කළ හැකි පිළිවෙලින් පර්වස් 42.03, පර්වස් 20.28 සහ පර්චස් 20.72 ක් වූ ඉඩම් කොටස් 03 ක් වසර 50 ක දීර්ඝකාලීන බදු පදනම මතබැහැර කිරීම සඳහා.

* දෙමටගොඩ ( 537 වත්ත) පිහිටි ඉඩමෙන් ප්‍රමාණය අක්කර 03 – රූද් 2 – පර්චස් 24.59 ක් වන ඉඩම් කොටස වසර 99 ක දීර්ඝකාලීන බදු පදනම මත බැහැර කිරීම සඳහා.

Related posts

නව එක්දින නායකයාගේ නම කියන්න ක්‍රිකට් ආයතනය මාධ්‍ය හමුවක් කැඳවයි

Shiran Viraj

විදුලි ගාස්තු වැඩිකලොත් රට පුරා හර්තාල් අරඹනවා.. ජනාධිපති පන්නනවා…

Shiran Viraj

ඔබේ පණ බේරා ගත්තේ මායි.. මට අත තබා වැඩේ වන කර ගන්න එපා…- ෆොන්සේකා ජනපතිට අනතුරු අගවයි..

Shiran Viraj
Translate »