2026-11-03
mediahumanrights.lk
Local NewsNews

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුමයන් සුරැකීමට ජනාධිපති කාර්ය සාධක බළකායක්

නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි. ජයසුන්දර විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

නැගෙනහිර පළාත තුළ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන හඳුනා ගැනීම, එසේ හඳුනා ගත් ස්ථාන හා පුරාවස්තු සංරක්ෂණය කරමින් ඒවා කළමණාකරණය සඳහා සුදුසු වැඩපිළිවලක් හඳුනා ගැනීම හා ක්‍රියාත්මක කිරිම මෙම ජනාධිපති කාර්ය සාධක බළකායට පැවරී ඇති ප්‍රධාන වගකීමක් වනවා.

මෙම කාර්ය සාධක බළකායේ සභාපති ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පත් කොට ඇත. එමෙන්ම එහි ලේකම්වරයා ලෙස ජනාධිපති ජේෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක පත් කර ඇත.

මෙම ජනාධිපති කාර්ය සාධක බළකායට පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද නායක ස්වාමින් වහන්සේද ඇතුලත් වනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

සිවිල් පාලනයක් ඉල්ලා සුඩාන වැසියන් පාරට

Shiran Viraj

බ්‍රවුන්ස් හිල් ඉඩම් නඩුව සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක්

Shiran Viraj

අල්ලස් ගත් දොස්තර යළි රිමාන්ඩ්

Shiran Viraj
Translate »