29 C
Colombo
2026-10-29
mediahumanrights.lk
Local NewsNews

ඉන්ධන නැතොත් බස් නවත්වනවා.. පෝලිං වල ඉදල බස් දුවන්න බෑ..

ඩීසල් නොලැබුණොත් ලබන සදුදා දිනයේ සිට බස් රථ ධාවනය නොකර සිටීමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ හේතුවෙන් බස් රථ සඳහා ඩීසල් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

පසුගිය කොරෝනා වෛරස් සමයේ ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදුන් ආකාරයට හෝ පෞද්ගලික බස් සඳහාද ඉන්ධන ලබා දෙන්නැයි ඔහු ඉල්ලා සිටී.

බස් රථ සඳහා දීර්ඝ පෝලිම්වල රැඳී සිට ඉන්ධන ලබාගෙන සේවාවක් ලෙස පවත්වාගෙන යා නොහැකි බවත් ඒ මහතා පැවසුවේය.

ඉන්ධන බෙදුම්හල් හිමිකරුවන් විසින් ආරම්භ කර ඇති ‍ක‍්‍රියාමාර්ගය මත ඇතිව තිබෙන ඉන්ධන බෙදාහැරීමේ අර්බුදය සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

රවි ඇතුළු 06ක් නිදොස් කොට නිදහස් කෙරේ…

Shiran Viraj

පුද්ගලික රෝහල් පිරී යයි.. කොරෝනා රෝගීන් බාර නොගනී.. ප‍්‍රභූන්ටද ඇදන් සොයාගන්න බෑ..

Shiran Viraj

සහල් කිලෝව රුපියල් දහස පනිනවා..

Shiran Viraj
Translate »