mediahumanrights.lk
Local NewsNews

අනුර යාපා ඇතුළු සිවු දෙනාටම ඇප..

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ, හිටපු අගමැති ලේකම් එස්. අමරසිංහ ඇතුළු සිවු දෙනෙකු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත.

2015 වසරේ සිදු වූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙම පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

ගංවතුරෙන් අවතැන් වූවන්ට සහන සැලසීමේ මුවාවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මගින් රුපියල් මිලියන 6.1ක් මුදලක් ලබාගෙන එම මුදලින් 2015 වර්ෂයේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු කරමින් එම මුදල අවභාවිත කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ල වී ඇත.

Related posts

යශාන් ගැන බිරිය කිව්ව දේ

Shiran Viraj

මුස්ලිම් නොවන අයෙකු හා විවාහ වීමට ටියුනීසියාවේ නීති වෙනස්වෙයි

Shiran Viraj

තවත් මැතිවරණයක් කැදවයි.. ඡන්ද විමසීම ජනවාරියේ..

Shiran Viraj
Translate »