31.7 C
Colombo
2026-07-06
mediahumanrights.lk
Local NewsNews

රජයේ පත් කිරීමකට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් විරෝධයේ..

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති ධුරයට වර්තමාන රජය පත්වීමෙන් පසුව පත්කළ වෛද්‍ය ජයංග තිලකරත්න එම ධුරයට අමතරව කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ නේවාසික ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා ලෙස පත්කර ඇති බව වාර්තා වේ.

එම පත්වීම සිදුකර ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ මාරුවීම් පටිපාටිය උල්ලංඝනය කිරීමෙන් බැවින් මේ සම්බන්ධයෙන් පුසව සහ නොර්වේද විශේෂඥ වෛද්‍යවරුන් දැඩි විරෝධයක් පළකර ඇති බව සෞඛ්‍ය සේවා ආරංචිමාර්ග අනාවරණය කළේය.

ජයවර්ධනපුර රෝහලේ නව සභපතිවරයා ලෙස පත්ව ඇත්තේ ඇල්පිටිය රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය තිලකරත්නයි.

ඔහුට මෙම සභාපති පත්වීම මීට සති කිහිපයකට පෙර එවකට සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් සිදුකරන ලදී.

මේ අතර කාසල් වීදිය කාන්තා රෝහලේ දැනට රාජකාරී කරන නේවාසික විශේෂඥ වෛද්‍යවරයා මාරුවීම හේතුවෙන් එම තනතුර පුරප්පාඩු වන අතර එම පුරප්පාඩුවට ජයවර්ධනපුර සභාපති වෛද්‍යවරයා පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කර ඇති බව සඳහන් වේ.

කෙසේ වුවද මෙම පත්වීම විශේෂඥ වෛද්‍යවරුන්ගේ මාරුවීම් පටිපාටිය උල්ලංඝනය කිරීමක් වන අතර එම තනතුරට නිසි පටිපාටිය අනුව පත්වීමට සිටින වෛද්‍යවරයාට එයින් අවස්ථාව අහිමි වී ඇති බවද වෛද්‍යවරු පෙන්වා දෙති.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිසි අනුමතියකින්ද තොරව මෙම පත්කිරීම සිදුකර ඇති බවත් වහාම එම පත්වීම අවලංගු කරන්නැයි අමාත්‍යාංශයට ප්‍රසව හා නාරී විශේෂඥ වෛද්‍යවරුන් කටයුතු කරමින් සිටින බවත් එම ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කළේය.

– මව්බිම

Related posts

මොරටුව සිසු ගැටුමෙන් 6ට තුවාල 10ක් අත්අඩංගුවට

Shiran Viraj

ඒ මිනිස්සුන්ට කොහෙද TV බලන්න කරන්ට් එක? – කටපියාගෙන වැඩක් කරනවා මනුස්සයෝ – කිම් කාඩිෂන් ඇමරිකන් ජනපතිට කියයි!

Shiran Viraj

මට කොරෝනා හැදෙන තෙක් ජාතික යුතුකම නවතන්නේ නෑ..- DIG අජිත් රෝහණ කියයි..

Shiran Viraj
Translate »