25 C
Colombo
2026-10-07
mediahumanrights.lk
Local NewsNews

AL ටියුෂන් අදින් අවසන්..

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම (19) මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාගය අවසන් වනතුරු එම තහනම ක්‍රියාත්මක වෙයි.

එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව පවසයි.

නොවැම්බර් මස 25 වැනිදා ආරම්භ වීමට නියමිත මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 333,185කි.

ඒ අතරට පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ඇතුළත් වෙයි.

Related posts

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904ක් බඳවාගැනේ

Shiran Viraj

තැපැල් ඡන්දයට දින නියම වෙයි. – EXCLUSIVE

Shiran Viraj

මිනිස් හිසක් හමු වූ සිද්ධියේ කඳ කොටස ගොඩ ගන්න පොලිසිය යයි

Shiran Viraj
Translate »