28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

ජනපතිටත් නුදුරේදීම කඳුළු වැටෙයි.. අසූ ලක්‍ෂයක් පාරට බහින්න සූදානම්….

අරගලය මතින් බලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවවාදාත්මක අනතුරු ඇඟවීමක් සිදු කරන බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසති.

මහනායක හිමිවරුන්ගේ සහ ආගමික නායකයින්ගේ බසට ඇහුම්කන් නොදෙමින් වත්මන් පාලකයන් ගෙන යන වැඩ පිළිවෙල නුදුරේදීම බරපතල ව්‍යසනයකට මුහුණ දෙනු ඇති බව උන් වහන්සේ කියා සිටිති.

කඳුළු වැකුණු දෙනෙතින් ඊට මුහුණ දීමට ජනාධිපති ඇතුළු පාලකයන්ට සිදුවනු ඇති බවත් උන්වහන්සේ සඳහන් කරති.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් උන් වහන්සේ මෙම අදහස් පල කර ඇත.

ලක්ෂ 40ක ට වැඩි පිරිසක් මීට පෙර ජනතා අරගලය වෙනුවෙන් මහමඟට පැමිණි බවත් මීළඟ අරගලයට ලක්ෂ 80 වකට වඩා වැඩි ජනකායක් එක්වනු ඇති බවත් එහිමියෝ කියා සිටිති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය කටයුතු නිදහසේ කරගෙන යාමට කිසිවෙකු හෝ ඉඩ ලබා නොදෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කොට වහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගත යුතුව ඇති බවද සෝභිත හිමියන් තව දුරටත් පැවසූහ.

Related posts

මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ඩෙන්මාර්කය එයි..

Shiran Viraj

ඝාතනය වූ සමන් පෙරේරාගේ නිවස පොලිස් පරීක්‍ෂාවට…

Shiran Viraj

මුඛ ආවරණ පැලදීමට අවශ්‍ය නෑ.. නොපලදින අයට හිංසා කරන්න එපා..- සෞඛ්‍ය ප‍්‍රධානියා පොලිසියට දන්වයි..

Shiran Viraj
Translate »