2026-08-11
mediahumanrights.lk
NewsPolitical

10 වැනි පාර්ලිමේන්තුව ඇරඹීමට සියල්ල සූදානම්….

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 10 වැනි පාර්ලිමේන්තුව ලබන බ්‍රහස්පතින්දා (21) ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආසන වෙන් කිරීමේ කටයුතු ද පවතින නීති ක්‍රමවේදවලට අනුව මේ වන විටත් සිදුකර අවසන් කර ඇතිබව පැවසීය.

පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනය වන ලබන බ්‍රහස්පතින්දා මන්ත්‍රීවරුන්ට අසුන් පැනවීමක් සිදු නොවන බව පැවසීය.

මන්ත්‍රීවරුන් දිවුරුම් දීමෙන් අනතුරුව ඊළඟ සභා වාරයේ සිට ආසන පැනවෙන බව වේත්‍රධාරීවරයා පැවසීය.

ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුට විපක්ෂයේ පිටුපස සිට ආසන පැනවෙයි.

මෙවැනි තත්ත්වයක් 09 වැනි පාර්ලිමේන්තුවේදී ද සිදුවිය.

ආණ්ඩු පක්ෂයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ද මංත්‍රී ධූර 159ක් හිමි වීමත් සමඟ එලෙස කටයුතු කිරීමට සිදුවූ බව පැවසීය.

ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට ආසන 116 බැගින් පාර්ලිමේන්තුවේ ආසන 232ක් පවතින බව පැවසීය.

Related posts

දින 3 ක් සිට අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළසිරුරක් කුරුවිට පතල් වළකින් මතුවෙයි

Shiran Viraj

ජොකීවරුන් 5ක් තහනමට: වින්ඩ්සර් අශ්ව රේස් තරගයේදී අනතුරක්

Shiran Viraj

හෙරොයින් ජාවාරම්කරුවෙකු මට්ටක්කුලියේදී කොටුවෙයි

Shiran Viraj
Translate »