30.6 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිළධාරීන් 15කට ස්ථාන මාරුවීම්

දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ සේවයේ නියුතු පොලිස් නිළධාරින් 15 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දෙන ලෙස පොලිස්පති පුජිත ජයසුන්දර අද (22) නියෝග කර තිබෙනවා.

රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙක් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලට අදාළව පොලිස්පතිවරයා විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැර ගත් දිනයේදී දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරීන් 15 දෙනෙකුට මාතර දිස්ත්‍රික්කයෙන් පිටත පොලිස් ස්ථාන සඳහා මාරු කර යැවීමට මෙම නියෝග ලැබී ඇති බව සඳහන්.

දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙක් දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අතර තවත් උප පොලිස් පරීක්ෂකවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දිනයේදී අත්අඩංගුවට ගෙන මේ වන විට ප්‍රශ්න කරමින් සිටියි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පොලිසියට ඇති සුවිශේෂී බලය ගැන මතක් කරයි

Shiran Viraj

ඉරානය පුරා දරුණු ආර්ථික සහ දේශපාලනික විරෝධතා මාලාවක් ඇරඹෙයි

Shiran Viraj

යලිත් ඉන්ධන හිගයක්.. දීර්ඝ පෝලිම් රට පුරා..

Shiran Viraj
Translate »