29.6 C
Colombo
2026-10-08
mediahumanrights.lk
Local NewsNews

මහා වස්තුවක් ඇතැයි කියන නිධානයේ ගල් තලාවක් හමුවේ.. පුපුරුවා හැරීමට සූදානම් කෙරේ..

ඉදිවෙමින් ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නව වේයන්ගොඩ – වඳුරව ප්‍රදේශයේ නිධානයක් ඇතැයි කියන ස්ථානයක මේ වන විට අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් අධිකරණ නියෝගයක් මත කැණීම් සිදු කෙරෙයි.

අවස්ථා කිහිපයකදීම මෙම ස්ථානය නිදන් හොරුන් විසින් හාරා ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්ද මීට පෙර සිදුකළ පරීක්ෂණ කටයුතුවලදී නිධානයක් නැතැයි තොරතුරු හෙළිකර ඇත.

කෙසේ වෙතත්ල නවතම කැණීම්වලදී අනාවරණය වී ඇත්තේ කිසියම් දෙයක් පොළොව අභ්‍යන්තරයේ ඇති බවයි.

ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු පොලිසිය හා රාජ්‍ය ආයතන කිහිපයක් මැදිහත් වී මෙම කැණීම් කටයුතු ආරම්භ කර ඇත.

අඩි 20 ක ගැඹුරකට මේ වන විට කැණීම් සිදුකර ඇති අති අතර විශාල විශ්කම්භයකින් යුත් ගලක් මතුව ඇත.

ඒ අනුව එම ගල් තලාව පුපුරුවා හැරීම සදහා කටයුතු කරමින් සිටියි.

Related posts

මාලිමා ආණ්ඩුවෙන් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස..- අනුර

Shiran Viraj

වත්මන් ගුවන් හමුදාපති නොවැම්බර් 02 වෙනිදා විශ්‍රාම යයි

Shiran Viraj

හිස් ගෑස් සිලින්ඩරය කළු කඩේ රුපියල් 15000-20000 පනී….

Shiran Viraj
Translate »