28.4 C
Colombo
2026-07-07
mediahumanrights.lk
Local NewsNews

මහවැස්සේ උතුරේ මහවිරු සැමරුම්…

උතුරු පලාතට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හමුවේ මහවිරු දිනය අද (27) දින උතුරු පලාතේ ස්ථාන කිහිපයක සැමරීම සිදු වූ අතර ඒ සඳහා දේශපලන නියෝජිතයින් මෙන්ම මහවිරු පවුල් සාමාජිකයින්ද සහභාගී වූහ.

යාපනය ,මුලතිව්, මන්නාරම කිලිනොච්චිය සහ වවුනියාව යන දිස්ත්‍රීක්කයන්හි දේශපාලන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ මහවිරු පවුල් සාමාජිකයින් විසින් මහවිරු සැමරුම් සඳහා සහභාගී වී සිටියද පවතින අයහපත් කලගුණික තත්වයන් හේතුවෙන් සියලු සැමරුම් සඳහා දැඩි බාධාවන් එල්ල විය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කර්නල් වරයෙකු වූ ශංකර් නැමැත්තා ආරක්ෂක අංශ ප්‍රහාරයකින් 1982 වසරේ නොවැම්බර් 27 වනදා මිය යාමත් හේතුවෙන් සෑම වසරකම කොටි ත්‍රස්ත සංවිධානය පැවති සමයේ සිට මෙලෙස මහවිරු  සැමරුම් සිදුකෙරෙති.

මේ අතර මහවිරු සැමරුම් සංවිධානයේදී උතුරු පලාතේ ප්‍රධාන මහවිරු සැමරුම් සිදුකෙරෙන කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමිය ස්ථානය මුලතිව් නන්දිකඩාල් ආදි ප්‍රදේශයන්හි මෙවරද සැමරුම් උත්සව සංවිධානය කොට තිබුනද අධික වර්ෂාව හා ජලගැලීම් හේතුවෙන් දැඩි බාධාවන් එල්ලවී ඇත.

මේ අතර යුද්දයෙන් මිය ගිය අය සිහිපත් කිරීමට අවස්ථාව ලැබුනද තහනම් ත්‍රස්ත සංවිධානයක සාමාජිකයින් හෝ එම සංවිධානයක් ප්‍රසිද්දියේ සිහිපත් කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා උතුරු පලාතේ පොලීසිය සහ ආරක්ෂක අංශ එක්ව පුලුල් නිරීක්ෂණ මෙහෙයුමකද නිරත වෙයි.

Related posts

ඡන්දය දමන අවස්ථාවට ජංගම දුරකතන ගෙන යාම තහනම්…

Shiran Viraj

සමන්තභද්‍රට එරෙහිව පියවර නොගත්තොත් විහාර වටලනවා- සමාජජාලයෙන් රතු එළියක්!

Shiran Viraj

රටවල් 06ක් එකතු වෙලා ජගත් ජයසූරියව හිර කරන්න යයි

Shiran Viraj
Translate »