mediahumanrights.lk
Local NewsNews

ජාසිංහගේ තවත් පුරෝකතනයක් තිතටම හරි යයි.. අප්‍රෙල් 17 වෙද්දී රෝගීන් 238යි..

කොරෝනා වෛරසයේ මෙරට ව්‍යාප්ත්ය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් සිදු කරන ලද තවත් පුරෝකථනයක් ඉතාමත් ආසන්න මට්ටමට වතාවක් නිවැරදි වී තිබේ.

ඔහු දැනට සති දෙකකට පමණ පෙර කියා සිටියේ පවතින සීමා කිරීම් මත අප්‍රේල් මස 17 වන දින වන විට මෙරට කොරෝනා වෛරසය උපරිම තලයකට පැමිනෙනු ඇති බවත් එහිදී රෝගීන් 265-270 අතර ප‍්‍රමානයක් වාර්තා වනු ඇති බවත්ය.

ඔහුගේ පුරෝකතනය ඉතාම ආසන්න අගයක් ලෙස අවසන් පැය 24 තුලදී කිසිදු රෝගියෙක් වාර්තා නොවීමත් සමගින් අද පෙරවරු වන විට මෙරටින් වාර්තා වන්නේ කොරෝනා ආසාදිතයක් 238 කි.

කොරෝනා මෙරට ව්‍යාප්තිය ගැන ජාසිංහ මහතා විසින් මෑතකදී සිදුකරන ලද පුරෝකථනයන් ඉතාම ආසන්න මට්ටමට නිවැරදි විය.

කෙසේ වෙතත් ඔහු තවදුරටත් කියා සිටින්නේ මෙම පවතින තත්ත්වයන් ලිහිල් කිරීම සහ සමාජ දුරස්ථ භාවය සම්බන්ධයෙන් සැලකිලිමත් නොවුණහොත් ක්ෂණිකවම තත්ත්වය වෙනස් විය හැකි බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

විදේශ සංචිතවල වර්ධනයක්

Shiran Viraj

ඉන්දීය ධීවරයින්ට සිදුවන හිරිහැර නතර කරන්න මැදිහත්වෙන්න – කේ.පලනිස්වාමි

Shiran Viraj

පුද්ගලික ආයතන සේවක පඩි ගෙවන්න සල්ලි අච්චු ගහන යන්ත‍්‍ර ඉල්ලයි..

Shiran Viraj
Translate »