mediahumanrights.lk
Local News News

පීඩන අවපාතය ත‍්‍රි’මලය ඉදිරියේ.. පැය හයකින් තීව‍්‍ර සුළි කුණාටුවක්.. රතු නිවේදන නිකුත් කෙරේ..

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් පිහිටා තිබුණි.

එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර අද දින ඉදිරි පැය 06 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇත.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැක.

දිවයිනේ උතුරු, උතුරු – මැද, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ.

ඇතැම් ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

Related posts

ගමන් කරමින් තිබූ පොලිස් යතුරු පැදියකට ගසක් කඩා වැටේ.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ..

Shiran Viraj

CID ලොක්‌කන් 4 කට එරෙහිව IP ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

Shiran Viraj

2018 වර්ෂයේ කැලැන්ඩරයක් වෙනුවෙන් සිසුවියන් පිරිසක් කැමරාව ඉදිරියේ නිරුවත් වෙයි

Shiran Viraj