31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
International NewsNews

බංගලි අරගලයෙන් පෝලිම් සැප කනේ.. ගාමන්ට් රැසක් වසා ආයෝජකයෝ රටින් පනිති.. IMF ණය නොලැබුනොත් බංකොලොත්..

බංගලාදේශයේ අරගලයෙන් පසු පිහිටුවා ඇති නව ආණ්ඩුව යටතේත් එරට නොසන්සුන් තත්ත්වය තවදුරටත් පැවතිම මත ඇගලුම් කර්මාන්තය දැවැන්ත කඩා වැටීමකට ලක් වෙමින් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම වසර තුල එරට ඇඟළුම් අපනයනය සියයට විස්සක පමණ ප්‍රමාණයකින් පහළ වැටෙනු ඇති බවයි.

භාරකාර රජයක් යටතේ බංගල දේශය මේ වන විට පාලනය වුවද තවදුරටත් එරට ප්‍රචණ්ඩ ක්‍රියා තැනින් තැන සිදුවෙමින් පවතී.

බංගලාදේශය සිය අපනයන ආදායමෙන් සියයට අසූවක් පමණ උපයා ගන්නේ ඇඟලුම් අපනයනයෙනි.

මේ අතර සේවකයන් වැඩි වැටුප් ඉල්ලා පවත්වන විරෝධතා හේතුවෙන් ඇඟලුම් කර්මාන්ත ශාලා හැටක් පමණ දැනටමත් වසා දැමීමට තීරණය කර තිබේ.

එම කම්හල් අප්‍රිකානු කලාපය හෝ වෙලද බිම් වෙත ගෙනයාමට ආයෝජකයන් සූදානමක සිටී.

විදේශ විනිමයද දැඩි හිඟතාවයකින් පෙනෙන භංගලදේශය ඩොලර් බිලියන අටක ණය මුදලක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ආයතන වෙතින් ඉල්ලා ඇත.

එය නොලැබුනහොත් ඩොලර් බිලියන තුනක ණය වාරික ගෙවීම අවදානමකට ලක්ව ඇත.

පවතින තත්ත්වය මත ඇතැම් පිරිස් බඩු භාණ්ඩ වැඩි වශයෙන් රැස්කර ගැනීමට උත්සුක වීම හේතුවෙන් ඖෂධ ඉන්ධන අත්‍යවශ්‍ය ආහාර ආදිය ඇතැම් ප්‍රදේශවල හිගතාවයක්ද මතුව තිබේ.

Related posts

කරට කර සටනක්‌ දී ලංකාව අවසන් පන්දුවේදී ජය ගනී

Shiran Viraj

අගමැති ජාතිය අමතන්න සූදානම්.. ඉල්ලා අස් නොවන්නැයි දැඩි ඉල්ලීම්…

Shiran Viraj

ඛණිජ තෙල් සේවක අර්බුදය විසඳන සාකච්ඡාව පස්වරුවට කල් යයි

Shiran Viraj
Translate »