29.2 C
Colombo
2026-10-08
mediahumanrights.lk
NewsPolitical

තවත් අයවැයක් පරදී.. පොහොට්ටු පිරිසක්ම විරුද්ද වේ…

තලවකැලේ ලිදුල නගර සභාවේ 2022 වසර සදහා ඉදිරිපත් කල අයවැය යෝජනාවට පාලන පක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු විරුද්ධව ජන්දය ප්‍රකාශ කල නිසා එම නගර සභාවේ අයවැය යෝජනාව (07) දින පරාජයට පත් විය.

එම නගර සභාවේ සභාපති ලෙච්චුමන් භාරතිදාසන් මහතා විසින් 2022 වසර සදහා රු දහ හතර කොටි හතලිස් තුන් ලක්ෂ විසි එක්දහස් හැටක අයවැය ඇස්තුමේන්තුවක් ඉදිරිපත් කල අතර,එම අයවැයට ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන චන්දන ගුණතිලක , ප්‍රසන්න විතානගේ යන මන්ත්‍රිවරුන් අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කිරිමත් සමග 4/5 වශයෙන් අයවැය යෝජනාව පරාජය විය.

තලවකැලේ ලිදුල නගර සභාව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් තිදෙනෙකු, ලංකා කම්කරු කොන්ග්‍රසයේ මන්ත්‍රිවරුන් තිදෙනෙකු , ස්වාධින මන්ත්‍රිවරුන් දෙදෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් දෙදෙනෙකුගෙන්  සමන්විතය.

එම නගර සභාව නියෝජනය කරන ස්වාධින මන්ත්‍රිවරයෙකු (07) දින සභාවට නොපැමිණි අතර,එම නගර සභාවේ පොහොට්ටුව නියෝජනය කරමින් සිටි මයිල්වාගනම් පරමානන්දන් මහතාව විනය හේතුවක් මත පසුගියදා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත් කර ඒ වෙනුවට අසංක සම්පත් පිරිස් මහතාව පත් කිරිමට එරෙහිව මයිල්වාගනම් පරමානන්දන් මහතා කොළඹ දිසා අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් (06) දින ලබාගෙන තිබු අතර, එම අතුරු තහනම් නියෝගය නගර සභාව වෙත එම දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරයා විසින් ෆැක්ස් පණිවිඩයක් මගින් එවා තිබු නිසා අසංක සම්පත් පිරිස් මහතාට (07) දින නගර සභායේ මන්ත්‍රිවරයෙකු වශයෙන් නියෝජනය කිරිමට සභාපතිරයා විසින් අවස්තාව ලබා නොදිම තුලින් ඇති වු උණුසුම් තත්ත්වය නිසා අසංක සම්පත් පිරිස් මහතාව රැස්විම් ශාලාවෙන් ඉවත් කිරිමට පොලිසියට සිදු විය.

තලවකැලේ ලිදුල නගර සභාවේ 2022 අයවැය යෝජනාව පරාජය විමත් සමග රැස්විම් ශාලාව තුල දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

රට රත් කර ජනප්‍රියත්වය අඩු කරන ක්‍රමය ගම්මන්පිල හෙළි කරයි

Shiran Viraj

ගංජා නීතිගත කිරීමට මනෝචිකිත්සකයින් එරෙහි වෙයි

Shiran Viraj

මහින්ද පාර්ලිමේන්තුවේ..විශේෂ ප‍්‍රකාශයක් සූදානම්..සන්ධානය ආණ්ඩු පක්‍ෂයේ

Shiran Viraj
Translate »