26.7 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

කෑලි කැපිය හැකි මීදුමක් කදුකරයේ…

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට පවතින වැසි හා දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම දිනවල හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල පවතින වැසි හා විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් මත මාර්ග ලිස්සන සුලු තත්වයන්ට හා මාර්ග නොපෙනි යන තත්වයන්ට පත්ව ඇති බවත්ය.

මෙකි තත්වයන් මත මෙම ප්‍රදේශයේ විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බවත් මෙම තත්වයන් පිලිබදව දැඩි අවදානයක් යොමු කර  රථ වාහන ධාවනය කරවිමේදි ඉතාමත් කල්පනාකාරිව තම රථ වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා රථ වාහන ධාවනය කරවිමට පියවර ගන්නා ලෙස සියළුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

– මනුර සුදත් සෙල්ලහේවා

Related posts

ආධුනික සෙබළියක්ව සිටි කාලයේ සිදුවූ ලිංගික හිංසනයන් සියල්ල වසර 15කට පසු හෙළිකරයි – Video

Shiran Viraj

අස්වැසුම තව දෙයි.. දෙවන වටයේ සංගණන අරඹයි…

Shiran Viraj

අනුරටයි අපටයි පමණක් රට වෙනස් කරන්න බෑ..

Shiran Viraj
Translate »