mediahumanrights.lk
International NewsNews

සුළි කුනාටුව ඉන්දියාවට

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින සුළි කුනාටුව (TITLI) 2018 ඊයේ (09) 2330 පැය පමණ වන විට, උතුරු අක්ෂාංශ 15.5 සහ නැගෙනහිර දේශාංශ 86.0 ආසන්නව ස්ථානගතව පවතුන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 මෙම පද්ධතිය ත්‍රිකුණාමලය සිට කි.මී 1000 පමණ දුරින් ස්ථානගතව පවතින අතර එය වයඹ දෙසට ගමන් කරමින්  ප්‍රදේශයේ වෙරළ සීමාවෙන් ඉන්දියාවට ඇතුළුවනු ඇතැයි බලාපොරොත්තු වේ.
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩු වීමක් හෙට (11) දිනයේ සිට බලාපොරොත්තු වේ.
බස්නාහිර, මධ්‍යම, දකුණු, සබරගමුව සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වේ.
දකුණු සහ ඌව පළාත්වලත් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, දකුණු, මධ්‍යමසහ සබරගමුව පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැකි බවත්  එම දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වන අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම නිවේදනයේ සඳහන් වේ

(under the courtesy of adaderana.lk news web)

Related posts

අදත් මා රංගනය අතහැර නෑ තරුෂි පෙරේරා

Shiran Viraj

විමල්ට තවත් පැමිණිල්ලක් ගොනුවෙයි

Shiran Viraj

බගවන්තලාව පොලිසියේ නිලධාරීන් අතර ගැටුමක් – කොස්තාපල්වරයෙකුට පිහි ප්‍රහාරයක්

Shiran Viraj
Translate »