mediahumanrights.lk
NewsPolitical

අනුර ජනාධිපති වුනාම හිටපු ජනාධිපතිලා නිල නිවාසවලින් ඉවත් කර දරුවන්ට බාර දෙන උත්සවයක් තියනවා..

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා රටේ 9 වැනි විධායක ජනාධිපති වූ විගස මධ්‍යම රාත්‍රිය වන විට හිටපු ජනාධිපතිවරුන් සඳහා රජයෙන් ලබාදෙන සියලු වරප්‍රසාද ඉවත්කොට රජයේ නිවාස වල සිටින පිරිස දුවා දරුවන්ට භාර දීමේ උත්සවයක් පවත්වන බව එම පක්ෂයේ විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ, ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් නායක ගම ගෙදර දිසානායක මහතා විසින් දඹුල්ල, කණ්ඩලම ප්‍රදේශයේ සංවිධානය කොට තිබූ ජන රැලියකට එක්වෙමිනි. ජාතික ජන බලවේගය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය සහිත පොත ජනතාවට හඳුන්වා දෙමින් එහි සිදු කරන ක්‍රියාකාරකම් පිළිබඳව අවධානය යොමු කළ සමන්ත විද්‍යා- රත්න මහතා සඳහන් කළේ, හිටපු ජනාධි- පතිවරුන් පෝෂණය කිරීම මෙන්ම ඔවුන්ට හිමි වරප්‍රසාද, විශ්‍රාම වැටුප, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන විශ්‍රාම වැටුප වහාම ඉවත් කරන බවයි.

හිටපු ජනපතිවරුන් හා බිරින්දෑවරුන් ඉවත් කිරීම උත්සවාකාරයෙන් සිදු කරන බවත්, මධ්‍යම රාත්‍රී දොළහට විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් එය සිදු කරන බවත්, වයස සහ අසනීප තත්ත්වයන් ගැන සලකා බලා හිටපු ජනාධිපතිවරුන් සහ ජනාධිපති ආර්යාවන් රජයේ නිල නිවාසවලින් ඉවත්කිරීම උත්සවාකාරයෙන්ම පෙරවරුවේ සිදු කරන බවත්, එම අයගේ දුවා දරුවන් ගෙන්වා ඔවුන්ට තම මවුපියන් භාර දීම සිදු කරන බවත් සඳහන් කළේය.

එසේ සිදු කරනු ලබන උත්සවය බලා ගැනීමට අවශ්‍ය නම් මාලිමාවට තම ඡන්දය ප්‍රකාශ කළ යුතු බව සඳහන් කළ ඒ මහතා, මාලිමාව ඉදිරියේ ජන්දය ප්‍රකාශ කිරීම බෞද්ධ දර්ශනය අනුව මහත්ඵල මහානිසංස ලැබෙන කාරණයක් බවත් එසේ ලැබෙන්නේ දරුවන් නොසලකා හැර සිටි මවුපියන් පිරිසකට දරුවන්ගේ රැකවරණය ලබා දීමට අවස්ථාව උදා කර දීම සිදු කරන නිසාවෙන් බවත් පෙන්වා දුන්නේය.

දේශපාලන අධිකාරියේ විශ්‍රාම වැටුප් ඉවත් කළ ද රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප ශක්තිමත් කිරීම සිදු කරන බව ද කී ඒ මහතා, ගොවියාට සහනාධාර වෙනුවට ප්‍රමිතියෙන් යුතු සහන මිලට පොහොර ලබා දීම සිදු කරන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

වැරදි ගැබ්ගැනීමක් නම් නොමිලේ රහස් ප්‍රසූතිය – අලෙවියෙන් පසු මුදල් අපට – සැකකරු හසුවේ

Shiran Viraj

ශ්‍රී ලංකාවේ මුදලේ අගය පිරිහීමත් විදේශ සංචිත හිගයත් හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සිදු කරන භාණ්ඩ ආනයනය තවදුරටත් පහළ බසිනු ඇති බව රොයිටර් වාර්තා කරයි.

Shiran Viraj

Fitness Tips – How much exercise you need to be healthy

Shiran Viraj
Translate »