2026-09-17
mediahumanrights.lk
NewsPolitical

නිල ඡන්ද දැන්වීම් පත්‍රීකා ගමනාන්ත තැපැල් කාර්යාල වෙත…

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගමනාන්ත තැපැල් කාර්යාල 2202ක් වෙත යොමුකර ඇතිබව ජේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා (03) සිට ගෙයින් ගෙට ගොස් බෙදීමට කටයුතු කරන බව පැවසීය.

සැප්තැම්බර් 08 වැනිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස මේවනවිටත් ප්‍රකාශයට පත් කර තිබේ.

එදින පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා බෙදීම් සිදුකිරීමට නියමිත බව පැවසීය.

සැප්තැම්බර් 14 වැනිදා දක්වා පමණක් ගෙයින් ගෙට ගොස් බෙදීම් සිදු කිරීමට නියමිතයි.

යම් පුද්ගලයකුට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුනේනම් 14 පසුව තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් අන්‍යතාව තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනීමට හැකි බව වැඩිදුරටත් පැවසීය.

– Reporter

Related posts

බොරු තර්ක මවමින් මැතිවරණයන් කල් දමනවා – මහාචාර්ය ජී එල් පීරිස්

Shiran Viraj

“දඩාස්‌ ගාලා පුතා පින්තූර ගොඩට වැටුණා, ලේලිගේ බෙල්ලේ තිබුණු ලණුවත් කැපුවා” මාතරම හඬවා අවසන් ගමන් ගිය යුවළ

Shiran Viraj

අමෙරිකාවේ ‘කරුණාවන්තම විනිසුරු’ ෆ්‍රෑන්ක් කැප්‍රියෝ දිවි ගමනට සමුදෙයි

Shiran Viraj
Translate »