mediahumanrights.lk
NewsPolitical

මාලිමා ආණ්ඩුවෙන් ජාත්‍යන්තර වෙලදපලට ඉන්ධන විකුණනවා..- අනුර

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 යොදාගෙන ඉන්ධන පිරිපහදුවක් ආරම්භ කර ජාත්‍යන්තර වෙළඳපළට පිරිපහදු ඉන්ධන අලෙවි කරන බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණ ජන රැලියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

“ත්‍රීකුණාමලයේ තිබෙනවා තෙල් ටැංකි 99ක්. එක ටැංකියක මෙට්‍රික් ටොන් 10,000ක් ගබඩා කරන්න පුළුවන්. ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ දහයක් ගබඩා කරන්න පුළුවන්.

ඕකෙ තෙල් අපට වැඩියි. තෙල් පිරිපහදුව ආරම්භ කරලා, තෙල් පිරිපහදු කරලා, ගබඩා කරලා, ළඟම තිබෙන වරායෙන් මාර්කට් එකට යවන්න පුළුවන්.

ඒ වැඩේ කරන්න පුළුවන් ජාත්‍යන්තර සමාගමකුයි, තෙල් සංස්ථාවයි ඒකාබද්ධ වෙලා නැවත මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයට පණ දෙනවා. දැන් ඒක මළකඩ කමින් තිබෙනවා. අපි ඒක ගොඩ ගන්නවා.”

Related posts

ද්විත්ව පුරවැසිබව නිසා මන්ත්‍රී ධුරය අහෝසියි

Shiran Viraj

මොලය මැරුනු නමුදු හදවත ගැහුනු තම පුතුගේ හදවතින් තවත් ජීවිතයක් ජීවත් කළ උතුම් මිනිසෙකුගේ කතාව

Shiran Viraj

ජනතාවට ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – පළාත් දෙකකට අධික වැසි

Shiran Viraj
Translate »