mediahumanrights.lk
NewsPolitical

සිරිකොතේ බලය අල්ලන්න රනිල් පිල සජිත් පිල සටනක..

සිරිකොත බලය රැක ගැනීම හා ඇල්ලීම වෙනුවෙන් රනිල් පාර්ශවයත්, සජිත් පාර්ශවයත් සටනක යෙදී සිටින බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මේ බව පවසා සිටියේ ඊයේ (07) දින කටාන පැවති ජනහමුවකට සහභාගි වෙමිණි.

සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති මාලාව තුළින් රට හදන නිසි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සදහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය මැතිවරණ සටන මෙහෙයවමින් සිටිනවා. නමුත් රටේ ප්‍රධාන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී ඔවුනොවුන් සිය පක්ෂය තුළ බලය රැකගැනීමේ පොරයක නිරත වෙමින් සිටින බව නිමල් ලාන්සා මහතා සදහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා සමග වැඩකල හැකි බව පවසමින් රට පුරා මතයක් ගොඩනගමින් සිටින අතර එම සුසංයෝගය කිසිසේත් නොගැලපෙන අතර රට රකින, රට සංවර්ධනය කළ හැකි හොදම සුසංයෝගය ගෝඨාභය හා මහින්ද යන සහෝදරයින් දෙපළ බව රටේ ජනතාව හොදින් අවබෝධ කරගෙන සිටිනවා. එම සහෝදරයින් දෙපළ තස්ත්‍රවාදයෙන් රට බේරාගැනීමටත්, කොවිඩ් 19 වසංගතය පාලනය කරමින් රටත් ජනතාවත් සුරක්ෂිත කළ නායකයින් බව නිමල් ලාන්සා පැවසීය.

ඉදිරි මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය පිළිබදව කිසිදු සැකයක් නොමැති අතර සිය පක්ෂයේ ඉලක්කය වී තිබෙන්නේ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමයි. සමගි ජන බලවේගය ආණ්ඩු බලය ලබා ගන්නා බවට සජිත් ප්‍රේමදාස මහතා රට පුරා ප්‍රකාශ කරමින් ගියද එය දවල් හීනයක් පමණයි. ජනාධිපතිවරණය පරාජයෙන් පසු පාක්ෂිකයන්ට සජිත් ප්‍රේමදාස මහතා සොයා ගැනීමට නොහැකි වූ අතර මහ මැතිවරණ පරාජයෙන් පසු පාක්ෂිකයන්ට මෙන්ම අපේක්ෂකයන්ටද සජිත් ප්‍රේමදාස මහතා සොයා ගත නොහැකි වනු ඇති බව නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

දිස්ත්‍රික්ක 19කට අද පැනවු ඇඳිරි නීතිය අප්‍රේල් 9 වන දා තෙක්

Shiran Viraj

මගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ ආධාරකරුවන්ට ණය දෙන්නැයි මා කිසි විටෙක බැංකු වලට කියා නෑ…- ජනපති

Shiran Viraj

වර්ෂාව අඩු වීමෙන් වගාවන්ට බාධා

Shiran Viraj
Translate »