2026-10-31
mediahumanrights.lk
Local NewsNews

සරසවි අනධ්‍යන සේවකයන්ට විසඳුම්..

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක ගැටලුව මෙම සතියේ විසඳීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

ඊට අදාළ කටයුතු මේවන විට සූදානම් කරමින් තිබේ.

මේ අතර විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් ,විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු ප්‍රාර්ශව රැසක් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

එම සාකච්ඡා යම් සාධනීය මට්ටමක පවතින බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පැවසීය.

තම ඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙන තුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බව වැඩිදුරටත් පැවසීය.

Related posts

නවසිලන්ත – ශ්‍රී ලංකා සහයෝගීතාවය තවදුරටත් තරවේ

Shiran Viraj

වැලිසර නාවික කදවුරේ දෙදෙනෙකුට කොරෝනා.. උසස් නිලධාරියෙක්ද ඒ අතර.

Shiran Viraj

පොහොට්ටු මන්ත‍්‍රීන් 19ක් ඉල්ලා අස්වන බවට ලිපි බාර දෙති..

Shiran Viraj
Translate »