27.8 C
Colombo
2026-07-10
mediahumanrights.lk
Local NewsNews

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 100 ක් වෙයි

අද(21) දිනය තුළ දී කොරෝනා ආසාදනය වු පුද්ගලයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 100 දක්වා ඉහළ ගොස් තිබේ.

අද උදෑසන තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 309 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

මෙම පුද්ගලයින් පස් දෙනා ද  කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් මෙතෙක් වාර්තා වු ඉහළට කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ(20) දිනය තුළ වාර්තා විය.

ඒ ආසාදිතයින් 33 ක් ලෙසයි.

ඊයේ දින අවසන් වරට හමුවු ආසාදිතයන් වාර්තා වුණේ පිළියන්දල සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවලින්.

ඉන් පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයා මත්ස්‍ය වෙළෙඳාමේ නිරත වූ අයෙකු බව වාර්තා වෙයි.

අනෙක් පුද්ගලයා බොරලැස්ගමුව ප්‍රදේශවයේ පදිංචි කරුවෙක්.

ඊයේ වාර්තා වූ අනෙක් පුද්ගලයින් සියලු‍ දෙනා හුදකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති කොළඹ 12 , කෙසෙල්වත්ත බන්ඩාරනායක මාවතේ  පදිංචිකරුවන්‍ වන අතර ඔවුන් නිරෝධායනට යොමුකර සිටි පිරිසක්.

ඒ අනුව එම ප්‍රදේශයේ පදිංචි තවත් පවුල් 242 දෙකකට අයත් පුද්ගලයින් 1010 දෙනෙකු අද(21) යුද හමුදාව විසින් නිරෝධයන මධ්‍යස්තාන වෙත යොමු කළේය.

අද වන විට පුද්ගලයින් 202 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

පුද්ගලයින් 7 දෙනෙක් වෛරසය ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.


(under the courtesy of adaderana.lk news web)

Related posts

පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා

Shiran Viraj

මූල ප්‍රාග්ධනය ඉහළ නංවන්න මහ බැංකුවෙන් උපදෙස්

Shiran Viraj

මහා භාණ්ඩාගාරයේ තීරණය එනකල් CEYPETCO බලා සිටි

Shiran Viraj
Translate »