28.4 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

ජලාශ පිටාර මට්ටමේ.. ජල විදුලිය උපරිමයෙන්..

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.

කාසල්රි ජලාශයේ ජල මට්ටමට පිටාර මට්ටමට අඩි 12 ක් සහ මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 11 ක් වශයෙන් (08) දින වන විට තිබෙන බව එම ඉංජිනේරුවන් පැවසිය.

ජලාශයන් දෙකේම ජල මට්ටම ඉහල යාමත් සමග විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ

Related posts

ගුරු දෙවිවරු විරෝධතා තවත් තද කරති.. ආදි සිසුන් හා දෙමාපියන්ද කැදවති…

Shiran Viraj

දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් දිනක් තුළ වැඩිම ආදායම ඊයේ වාර්තාවෙලා

Shiran Viraj

රන් කිලෝ තුනහමාරක් සමග ආණ්ඩුවේ මන්ත‍්‍රී කටුනායකදී අත්අඩංගුවට.. ඔහු ඉරි තුනේ නියෝගයෙන් ජනක එලවන්න ඇවිත්..

Shiran Viraj
Translate »