mediahumanrights.lk
Local NewsNews

ගං වතුරට මියගිය කුකුලන් වෙලදපලට.. ආහාරයට නොගන්නැයි දන්වයි.

මේ දිනවල වෙළෙඳ පොළෙන් කුකුළු මස් මිලදී ගැනීමේදී වැඩි අවධානයක් යොමු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාව ගෙන් ඉල්ලා සිටියි.

අධික වර්ෂාවත් සමග ජල ගැලීම තත්ත්වය හමුවේ ගං වතුරට හසුවී මිය ගිය කුකුළන් වෙළෙඳපොළ තුළ විකිණීම් කරන බවට තොරතුරු ලැබී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා පැවසීය.

එවැනි කුකුළු මස් පරිභෝජනය ශරීරයට අහිත කර බැවින්, ඒ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් තොරතුරු වේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977ට දැනුම් දෙන ලෙස එම අධිකාරිය ජනතාව ගෙන් ඉල්ලා සිටියි.

Related posts

නවක වධය ලබාදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් සිසුන් තුන් දෙනෙකු ඇප

Shiran Viraj

දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට ඩිජිටල් කාඩ් පතක්

Shiran Viraj

පන්නිපිටියේ බෝ ගස ගැන අධිකරණයෙන් නියෝගයක්

Shiran Viraj
Translate »