2026-08-18
mediahumanrights.lk
Local NewsNews

සැකකරු කට උත්තර දෙන ගමන් පොලිස් නිලධාරියාගේ මූණ හපා කයි.. රෝහලේ..

මොනරාගල නගර සභා ක්‍රීඩා පිටියේ පැවැති සංගීත ප්‍රසංගයකදී බීමතින් කලහකාරීව හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මොනරාගල පොලිස් ස්ථානයේ රඳවා සිටි තරුණයකු පොලිස් නිලධාරියකුගේ ගෙල මිරිකා මුහුණ හපා ඇත.

මෙම සිදුවීම වී ඇත්තේ පසුගිය 17 වැනිදා අලුයම් කාලයේදීය.

මොනරාගල, හුලංදාවේ පදිංචිකරුවකු වන 26 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ සංගීත ප්‍රසංගය පැවැති භූමියේ බීමතින් කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙනි.

පොලිස් ස්ථානයට රැගෙන පැමිණි මෙම තරුණයාව පොලිස් කොස්තාපල්වරයකු සිර මැදිරියේ තබා මද වේලාවකට පසු පිටතට ගෙන ඇත්තේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමටය.

එම අවස්ථාවේදී සැකකරු එම පොලිස් නිලධාරියාගේ ගෙල සිර කර අල්ලාගෙන කම්මුල හපාකො ඇති බව මොනරාගල පොලිසිය කියයි.

මේ හේතුව නිසා පොලිස් නිලධාරියා තුවාල ලබා රෝහල්ගත කර ඇත.

පොලිස් නිලධාරියාගේ ගෙල මිරිකා කම්මුල හපාකන අවස්ථාවේදී ඔහුව පාලනය කිරීමට සෙසු නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇත.

කලහකාරීව එම අවස්ථාවේදී හැසිරුණු එම තරුණයා පොලිසියේ කාර්යභාර නිලධාරියාගේ මේසය මත වූ වීදුරුවකට ද අතින් පහරදී හානි කර ඇති බව පොලිසිය කියයි.

Related posts

අලුත් පරපුරේ දක්ෂ අයත් ඉන්නවා තරුෂි පෙරේරා

Shiran Viraj

එළවළු මිලෙහි සීඝ්‍ර වැඩිවීමක්…

Shiran Viraj

ගෝඨාභය රාජපක්ෂ ඇතුලට ? දේශපාලනය උණුසුම් කරවන ප්‍රවෘත්තියක් ලගදීම .!

Shiran Viraj
Translate »