mediahumanrights.lk
Local News News

වෙසක් පෝදා ඤනසාර හිමි නිදහස් කරන්නැයි ලොකු තැනකින් කියයි..

බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙස අස්ගිරි, මල්වතු, අමරපුර හා රාමඤ්ඤ නිකායන්වල මහනායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඥානසාර හිමියන් විසින් කරන ලද ශාසනික හා සමාජ සේවාව සලකා බලමින් එළඹෙන වෙසක් පෝය දිනය නිමිතිකොට ගෙන ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කරන ලෙසද එම ලිපිය මගින් ඉල්ලා තිබේ.

කූරගල රජමහා විහාරය භූමියේ ඉදිකිරීම් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී පල කල අදහස් වනල් ජාතීන් අතර අසමගිය ඇති කළේ යැයි චෝදනාවට වරදකරු වූ ඥානසාර හිමියන් මේ වන විට වසර හතරක සිර දඬුවමක් විඳිමින් සිටී.

Related posts

සියළුම රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි…

Shiran Viraj

ඩෙංගු මඬින්න හදිසි වෛද්‍ය විහිදුම් බළකායක්

Shiran Viraj

‘ගම්පහ ගංවතුරට යටවුනේ මධ්‍යම අධිවේගී මාර්ගය නිසාද..’ සොයන්න කමිටුවක්…

Shiran Viraj