mediahumanrights.lk
Local News News

ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවලට පමණයි..- සිපෙට්කෝ දැනුම් දේ…

ඉන්ධන මිල වැඩි නොකිරීමට අවසර ලබා නොදෙන්නේ නම් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබා දීමේ තීරණයකට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එළඹීමට සූදනම් වෙයි.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරන්නේ ඒ අනුව විදුලි බලාගාර, දුම්රිය, මගී බස් රථ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා වලට පමණක් ඉන්ධන ලබාදීමට තීරණයක් ගන්නා බවයි.

දැනට සංස්ථාවේ දෛනික අලාබය රුපියල් කෝටි 365 කට වැඩි බවද පැවසූ ඔහු ඉන්ධන මිල ඉහළ නොදැම්මොත් ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් වෙනුවෙන් ගෙවීමට රුපියල් පවා එකතු කර ගැනීමට සංස්ථාවට නොහැකි වන බව ද හෙතෙම පැවසීය.

එනිසා ඉන්ධන මිල ඉහළ දැමීම අත්‍යවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් මෙම මාසයේ ලබා තිබෙන පාඩුව වැඩි වී ආයතනය බරපතල මූල්‍ය බිඳවැටීමට ලක්වනු ඇති බවද හෙතෙම පැවසීය

Related posts

විල්පත්තුවල පවරා ගත් ඉඩම් වහාම නිදහස් කළ යුතුයි

Shiran Viraj

මිනිස් සිරුර ගැන ඔබ නොදත් පුදුමාකාර තොරතුරු

Shiran Viraj

මාලිමාව යටතේ නියම නීති පද්ධතියක්… ගමේ ප්‍රශ්න සරලව බේරාගන්න ක්‍රමයක්…

Shiran Viraj