31.1 C
Colombo
2026-09-09
mediahumanrights.lk
Local NewsNews

ගංගා රැසක් ඉහලට.. පහත් බිම් අවදානමේ..

පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 04ක් මේවන විට වාන් දමමින් ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ වාරිමාර්ග ඉංජිනේරු එස්.පී.සී.සුගීශ්වර මහතා පැවසීය.

ඒ අනුව උඩවළව ,අංගමුව,රාජාංගනය සහ පොල්ගොල්ල ජලාශ එලෙස වාන්දමමින් ඇතිබව පැවසීය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය වන සියලු ජලාශ වල සමස්ත ජල ධාරිතාව මේවන විට 75% ඉක්මවා පවතියි.

මේ අතර මේවන විට අත්තනගලු ඔය දූන මලේ ප්‍රදේශයෙන් අවදානම් මට්ටමට ළඟාවී ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හෙතුවෙන් මේ පිළිබඳව අත්තනගලු ඔය දෙපස ජනතාව වඩාත් විමසිල්ලෙන් සිටීම ඉතා වැදගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයට හා ගිං ගගෙ ඉහළ පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන මහා වැසි හේතුවෙන් ගගෙහි ජල මට්ටම මේ වන විට ඉහළ යමින් ඇති බව ගාල්ල ගිංගඟ භාර වාරිමාර්ග ඉන්ජිනේරු කාර්‍යාලය පවසයි .

අද (19) පෙරවරු 09.00 වන විට ගිං ගගෙහි බද්දෙගම ජල මාපකයට අනුව ජල මට්ටම 02.18m දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විටත් ගාල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට වැසි ලැබෙමින් පවති.

Related posts

අසීරු අවස්ථාවලදී පවා තමන් ශ්‍රීලනිපය රැක ගැනීමට ක්‍රියා කළ බව හිටපු ජනාධිපති කියයි

Shiran Viraj

අදානිට ලක් රජය යලි අත වනයි.. සාකච්චා කමිටුවක් පත් කරයි.. ලිඛිතව දන්වයි..

Shiran Viraj

තරුණ ප්‍රජාවට තම ඡන්දය ලබා දෙන්න විශේෂ අවස්ථාවක්

Shiran Viraj
Translate »