mediahumanrights.lk
Local News News

ග‍්‍රාම සේවකලා අද සිට වර්ජනයේ.. වැඩි පඩි ඉල්ලයි…

ග්‍රාම නිලධාරීන් යළි මේවනවිට ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇතිබව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.

වැටුප් දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.

වෘත්තීය ක්‍රියාමාර්ගය අද (14) පෙරවරු 08.00 ආරම්භ කර අතර ලබන සිකුරාදා (17) දක්වා එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අතර ග්‍රාම නිලධාරී සංගම් සිය ගැටලු පිළිබඳව ඊයේ දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

චීනයේ සංචාරය කළ විදේශිකයින්ට අමෙරිකාව දොර වසයි

Shiran Viraj

ජිවිත 9ක් බිළි ගත් තුර්කි දුම්රිය අනතුර-පරීක්ෂණ අඛණ්ඩව

Shiran Viraj

කොළඹ නගර සභාවේ මාලිමාවට බහුතරය නෑ..

Shiran Viraj