mediahumanrights.lk
Local NewsNews

රාජපක්‍ෂලා හොරා කෑ සල්ලි ගන්න බැරි ඇයි..- සභාවේ තරුණයෙක් ජනපතිගේ මූණටම කියයි..

‘රාජපක්‍ෂද හොරකම් කරලා තමයි අපි දුප්පත් වුණේ. අද වනතුරු ඒ ණය ටික නැවත අය කිරීමේ ක්‍රමවේදයක් අපි දුටුවේ නෑ’ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තරුණයකු විමසන ලද පැනයට ඒ මහතා ප‍්‍රතිචාර දැක්වීය.

ජනාධිපතිවරයාගෙන් මෙම පැනය විමසනු ලැබුවේ ‘යුනයිටඩ් යූත් තරුණ එකමුතුව’ ‘තරුණ අපේ අනාගතය’ නමින් සංවිධානය කළ සුහද හමුවේදීය.

එහිදී ජනාධිපතිවරයා මෙසේ ප්‍රතිචාර දැක්වීය.

‘අපි ගත්ත ණය ප්‍රමාණය දිහා බලන්න මං හිතන්නේ නෑ ලෝකේ ඉන්න ධනවත්ම පුද්ගලයා ළඟට ගියත් ඒ වැඩ කටයුත්ත අපිට කරන්න පුළුවන් වෙයි කියලා. අපි එච්චරට ණය අරගෙන තියෙන්නේ. ඉතින් එක පුද්ගලයෙක් දෙන්නෙක් ලංකාවෙන් ගත්ත මුදල් යළි අරගෙන මේක විසඳන්න පුළුවන් කියනවනම් ඒක සම්පූර්ණ අසත්‍යයක්.

රටක් ලෙස අප විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. මෙම ණය ගෙවීම සඳහා 2042 දක්වා මම කාලය ඉල්ලා තිබෙනවා. ඉතින් එක් පුද්ගලයෙක් හෝ දෙන්නෙක් ලබාගත් මුදල් නැවත අරගෙන මෙම ප්‍රශ්නය විසඳන්න හැකියි කියා යමෙක් ප්‍රකාශ කරනවා නම් එය සම්පූර්ණ අසත්‍යයක්.

ඒ වගේම අපි දැන් අලුත් කොමිසමක් පත් කර තිබෙනවා ඕනෑම අයෙකුට එහි ගොස් තොරතුරු ලබාදිය හැකියි. අපි ආණ්ඩුවක් විදිහට මේ පිළිබඳ ක්‍රියා කර තිබෙනවා. නඩු දැමිය හැකි පුද්ගලයන්ට නඩු පවරනු ලැබුවා. අනෙක් අය පිළිබඳ සාක්ෂි තවම ලැබී නැහැ. මේ පිළිබඳ අලුත් කොමිසමට කරුණු වාර්තා කිරීමට ඕනෑම අයෙකුට හැකියාව තිබෙනවා. එම කටයුතුවල ඇඟිලි ගහන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ.

ඒ වගේම දූෂණය නැති කළ යුතුයි. මමත් කටයුතු කරන්නේ ඒ සඳහායි. අපි ඒ වෙනුවෙන් නඩු ගණනාවක් පවරා තිබෙනවා. ඒ වගේම ස්වාධීන කොමිසමක් පත් කර තිබෙනවා. එමගින් මේ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරගෙන යනවා. මේ සඳහා අවශ්‍ය පුහුණු කණ්ඩායම් ප්‍රමාණවත් නැති නිසා විදේශ රටවලිනුත් ඒ සඳහා අවශ්‍ය සහාය ඉල්ලා තිබෙනවා.

රටේ මුදල් වංචා කරපු අයට දඬුවම් කර එම මුදල් නැවත ලබා ගන්නවා වගේම රටේ ආර්ථිකය නැවත ගොඩනැගීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කළයුතුයි. මෙය ප්‍රශ්න දෙකක් බව හඳුනාගෙන අප සෑම විටම කටයුතු කළ යුතුයි’

Related posts

ඉන්දීය ධීවරයන්ට අපේ මුහුද තහනම්..- ධීවර ඇමති ඉන්දියාවට දන්වයි

Shiran Viraj

දිවුලපිටිය හිටපු OIC CID අත්අඩංගුවට

Shiran Viraj

විෂය නිර්දේශ ආවරණය නොකර 2023 උසස් පෙළ තියන්න එපා!..

Shiran Viraj
Translate »