mediahumanrights.lk
NewsPolitical

විපක්ෂයේ සිට තවත් පක්ෂ 2ක් ආණ්ඩුව කරන බව මහින්ද හෙළි කරයි (VIDEO)

විපක්ෂයේ සිට නව පක්ෂ 2ක් ආණ්ඩුව කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ තිස්සමහාරාම බෙරලිහෙල ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට ඊයේ (24) එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“මේක පනතකුත් නෙමෙයිලු.මේක කෙටුම්පතකුත් නෙමෙයිලු.එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පටන් ගන්නවා මෙහි තිබෙන්නා වූ කොමිටි වාර්තාව වෙනුවට කොමිටියේදී සාකච්ජා කරපු දේවල් කියලා මේ එන්නේ ඉදිරිපත් කරන්න කියලා.ප්‍රධාන පක්ෂ 2ක් ආණ්ඩුවේ ඉදලා ආණ්ඩු කරනවා.විපක්ෂයට වෙලා තව පක්ෂ දෙකක් ආණ්ඩු කරනවා එක්කහුවෙලා.එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ටී.එන්.ඒ පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ.මෙයාලා තමයි අද රට පාලනය කරන්නේ.ඉතින් ඒ අය පාර්ලිමේන්තුවේ එකට කටයුතු කරනවා.”
“යම් යම් වෙලාවට බැණ ගන්නවා පොඩි චෝදනාත් කරනවා.ඇතුළේ ඉගෙන කරගෙන කරගන්න ඒවානේ.ඒක ශ්‍රී ලංකා ඇමැතිවරුත් කරනවා.විපක්ෂයේ ඉන්න අයත් කරනවා.යූ.එන්.පී එකේ කට්ටියත් එහෙම තමයි මේක අච්චාරුව වගේ දැන් කරගෙන යන්නේ.දැන් එදා යුද්ධයෙන් එයාලට දිනාගන්න බැරි වෙච්ච දේ අද ව්‍යවස්ථා සංශෝධනයෙන් එයාලා දිනාගන්න කටයුතු කරනවා.මුළු මහා සංඝ සභාවම කියනවා මල්වතු, අස්ගිරි, රාමඤ්ඤ  නිකාය, කෝට්ටේ පාර්ශවය, රෝහණ පාර්ශවය මේ හැමදෙනා එකට එක හඬක් නගනවා මේ ව්‍යවස්ථාව ගේන්න එපා.මේකට වරම් නෑ.” එහිදී ඒ මහතා මෙසේද වැඩිදුරටත් අදහස් දැක්වීය.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

‘මහින්ද’ නමින් යලි බලය ගන්න පොහොට්ටුවට හැකියි.. ජනතාව බහුතරයක් මහින්දට තාම ආදරෙයි…

Shiran Viraj

නව එක්දින නායකයාගේ නම කියන්න ක්‍රිකට් ආයතනය මාධ්‍ය හමුවක් කැඳවයි

Shiran Viraj

ආර්ථිකය ශක්තිමත් වී ලෝකයේ විශිෂ්ඨ ස්ථානයක තිබියදී පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැහුවේ..- කතානායක

Shiran Viraj
Translate »