26.7 C
Colombo
2026-09-28
mediahumanrights.lk
BusinessBusiness NewsNews

පොල් මිල විශාල ලෙස ඉහළට…

දිවයින පුරා පොල් අස්වැන්නෙ අඩුවක් මේ දිනවල ඇතිබව පොල් වගාකරුවෝ පවසයි.

පැවති අයහපත් කාලගුණ තත්වය පොල් අස්වැන්න අඩුවීමට හේතුවී තිබේ.

පොල් අස්වැන්න සඳහා වර්ෂය පුරා පැතිරුණු 1500mm පමණ වර්ෂාපතනයක් සහ සෙල්සියස් අංශක 28 පමණ උෂ්ණත්වයක් අවශ්‍ය බව පොල් සංවර්ධන මණ්ඩලය පවසයි.

එහෙත් පසුගිය මාස කිහිපයේ ඇතැම් ප්‍රදේශ වලට අධික වැසි සහ ඇතැම් ප්‍රදේශ වලට අධික වියළි කාලගුණයක් පැවතුණි.

මෙම තත්වය ලබන මැයි මාසය පමණ වනවිට ක්‍රමයෙන් යථා තත්වයට පත්වනු ඇතිබව පොල් වගාවගාකරුවන් සඳහන් කරයි.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ පොල් ගෙඩියක මිල මේවන විට රුපියල් 80ත් 120 අතර මිලක පවතියි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

එජාප නායකයින් හදීසි රැස්වීමක

Shiran Viraj

සුපිරි නෞකාවේ සිටි ශ්‍රී ලාංකීක තරුණයා මව්බිමට පැමිණ කියු දේ

Shiran Viraj

යෝෂිතගේ හෝටලයට ගිනි තබයි

Shiran Viraj
Translate »