26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsPolitical

අපට සදාකාලික උත්තර නෑ… ප‍්‍රශ්ණ එන එන විදිහට මුහුණ දෙනවා.. දැනට ඉන්දියාවෙන් හාල් ගේනවා..

ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය හා වෙළෙඳ අමාත්‍යාංශය ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

රට තුළ සහල් හිඟයක් පැවතීම හේතුවෙන් ඉන්දියාවෙන් සහල් ගෙන්වීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

වී නිෂ්පාදනය අවශ්‍ය තරම් තිබුණත් ඒවා සහල් ලෙස වෙළඳපොළට නොපැමිණීම හේතුවෙන් මෙම පියවර ගත යුතුව ඇති බවද හෙතෙම කියා සිටී.

වෙළඳපළට නොපැමිණි සහල් තොග මහා පරිමාණ මෝල් හිමියන් සතුව හැර වෙනත් තැනක තිබෙන්නට නොහැකි බවද පෙන්වා දෙන ඔහු රජය කටයුතු කරන්නේ ගොවීන්ට සහ පාරිභෝගික අගතියක් නොවන පරිදි බවද කියා සිටී.

වර්තමාන ආණ්ඩුවට සදාකාලික උත්තර නැති බවත් ඒ ඒ මොහොතට අවශ්‍යතාවය අනුව වැඩ කටයුතු සිදු කරන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

අද සිය අමාත්‍යංශයේදී මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

Related posts

යුක්‍රේනයට තවත් බරපතල තත්ත්වයක්: රුසියාව Dnipropetrovsk කලාපයට ඇතුළුවෙයි

Shiran Viraj

අවුරුදු උත්සවයකදී බනිස් ගොඩිය කටේ සිර වී අයෙක් රෝහලේ

Shiran Viraj

ගෝටාභය ජනාධිපතිවරණයට සූදානම් යයි කීම ගැන සතුටු වෙනවා..- බැසිල් කියයි..

Shiran Viraj
Translate »