26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

කොළඹ ඉදිකිරීම් 500ක් ඉවත් කරන්නැයි නිවේදන…

කොළඹ නගරයේ ගංවතුර තත්වයක් ඇති වීමට මගපාදමින් ඇල මාර්ග අවහිර වන අයුරින් කටයුතු කරන සහ අනවසර ඉදිකිරීම් සිදුකර ඇති පුද්ගලයන් 500 ආසන්න පිරිසකට අධිකරණය මගින් නීති නිවේදන මේවන විට නිකුත් කර ඇතිබව කොළඹ නාගරික කොමසාරිස් බද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසූවාය.

අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීම සඳහා එම නීති නිවේදන නිකුත් කර තිබේ.

එවැනි පිරිස් සාකච්ඡා මාර්ගයකට කැදවා ඔවුන් සහ රජයද අගතියට පත් නොවන පරිදි විකල්ප වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතිබව පැවසුවාය.

එලෙස සාකච්ඡාකර නිවාස ලබාදිය යුතු පුද්ගලයන්ට සුදුසු ස්ථානයකින් නිවාස ලබාදීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව නිවාස 150 ඉතා ඉක්මනින් ලබාදීමට සැලසුම් කරමින් සිටියි.

ඊට අවශ්‍ය සැලසුම් මේ වනවිට සකස් කරමින් සිටියි.

ඇතැම් අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම් වෙනුවට තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කිරීමට සැලසුම් කර ඇතිබව වැඩිදුරටත් පැවසුවාය.

එහිදී වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්විය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

කාමරංගා ගැන ෆේස්බුක් ඔස්සේ සිදු වූ ප්‍රචාරය ගැන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පැහැදිළි කිරීමක්

Shiran Viraj

මං ජනාධිපති වුනාම වැටුප් වැඩි කරන්නේ ජූනි සිට.. මාස හයෙන් හයට වැඩි කරනවා…

Shiran Viraj

පුද්ගලික අංශයේ භාණ්ඩාගාර බැඳුම්කර බිල්පත්වලට 46%- 60%ක දැවැන්ත ලාභාංශ…

Shiran Viraj
Translate »