28.4 C
Colombo
2026-09-15
mediahumanrights.lk
BusinessBusiness NewsNews

රාජ්‍ය බැංකුවලින් 20%ක් කොටස් විකුණයි..

රාජ්‍ය බැංකුවලින් 20%ක කොටස් විකුණා දැමීමට මෙවර අය-වැය තුළින් යෝජනා කර ඇතැයි ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.

එම සැලසුම පරාජයට පත් කිරීමට ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කරයි.

20% කොටස් රාජ්‍ය බැංකුවලින් විකුණා දැමුවොත් එය ජාතික අපරාධයක් බවත් මේ හරහා බැංකු පූර්ණ වශයෙන් විකුණා දැමීම පවා සිදුවිය හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.

මීට පෙරද මේ ආකාරයෙන්ම බැංකු කොටස් විකුණා දැමීමට උත්සාහ කර ඇතත් ඒ සෑම අවස්ථාවකදීම එම උත්සාහයන් පරාජයට පත්ව ඇති බවත් නිවේදනයේ සඳහන්ය.

ආර්ථික අර්බුදය හා දේශපාලන අර්බුද තුළ ප්‍රධාන රාජ බැංකු දෙක ලාභ උපයා ගනිමින් මහා භාණ්ඩාගාරයට බදු ගෙවීමෙන් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දී ඇතැයිද නිවේදනය වැඩිදුරටත් කියා සිටී.

Related posts

උපන්දින සුබ පැතුමට මෝදිගෙන් පිළිතුරු

Shiran Viraj

ආර්ථික අර්බුදයට විසඳුම ආනයනික භාණ්ඩ අඩු කිරීමයි

Shiran Viraj

පාවහන් හාන්සියි..

Shiran Viraj
Translate »