28.9 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

දකුණු ආසියාවේ දිගම උමග ලංකාවේ ඇරඹෙයි…

කිලෝමීටර් 28ක දිගින් යුත් දකුණු ආසියාවේ දිගම උමග ලෙස හැඳින්වෙන, උතුරු මැද පළාත් මහ ඇළෙහි දකුණු උමං ද්වාරයේ කැණීම් දෙවන උමං කැණීම් යන්ත්‍රය (TBM -2) මගින් සිදුකිරීමේ සමාරම්භය ඇලහැර, කෝඳුරුවාව වැඩබිම් පරිශ්‍රයේ දී සිදු කෙරිණ.

ඒ ක්‍රීඩා හා යෞවන කටයුතු, වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

වාරිමාර්ග අමාත්‍යාංශයේ “මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන” මගින් හා ආසියානු බැංකු ණය ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

මෙහි උතුරු ද්වාරයේ උමඟේ කැණීම් කටයුතු 2021 වසරේ අනුරාධපුර, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහමීගස්වැව ගම්මානය ආශ්‍රිතව ආරම්භ කර ඇත.

ඒ අනුව පළමු උමං කැණිම් යන්ත්‍ර (TBM – 1) මගින් කිලෝමීටර් 4ක පමණ දුරක් කැණීම් කර අවසන් අතර, මේ වනවිට අඛණ්ඩව කැණීම් කටයුතු සිදු කරමින් පවතී.

මෙම උමග මාතලේ දිස්තික්කයේ ඇළහැර, මොරගහකන්ද ජලාශයෙන් ආරම්භ වී පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ ඇළහැර – ගිරිතලේ අභය භූමිය, මින්නේරිය – ගිරිතලේ රක්ෂිතය හා හුරුළු වන රක්ෂිතය හරහා අනුරාධපුර දිස්ත්‍රීක්කයේ මහකනදරාව වැව දක්වා ජලය ගෙනයාම සඳහා ඉදිකෙරෙන පෝෂිත ඇළ මාර්ගයක් වන අතර, ව්‍යාපෘතිය මගින් ඉදිකෙරෙන සම්පූර්ණ ඇළෙහි දිග කි.මී.93 කි.

මෙමගින් හුරුළුවැව, මානන්කට්ටිය වැව, ඒරු වැව හා මහකනදරාව, නාච්චදූව, තිසා වැව, නුවර වැව යන වැව් වලට අඛණ්ඩව වාරි ජල සැපයිමක් ලබා දී, එම වැව් නිසි ලෙස පෝෂණය කිරීම හා මහවැලි පද්ධතිය තුළ දැනට ජල හිඟයෙන් පීඩා විඳින ගොඩබිම් යල සහ මහ දෙකන්නයේම වගා කිරීමටත්, ප්‍රතිලාභී ගොවි ජනතාව ද ඇතුළුව පවුල් 25,000කට පමණ පානීය සහ වාරි ජල පහසුකම් ලබාදීමටත් අපේක්ෂා කෙරේ.

සම්පූර්ණ උමගේ කැණීම් කටයුතු 2026 වර්ෂයේ දී අවසන් කිරීමට බලාපොරොත්තු වේ. මෙම ව්‍යාපෘතිය සඳහා වැය කරන සම්පූර්ණ මුදල රු.මි. 65,000 කි.

– Media unit

Related posts

සුදු වෑන් මාධ්‍ය හමුවට ආ දෙදෙනා හෙට අධිකරණයට

Shiran Viraj

මසකට පසු තැපෑලේ අභ්‍යන්තර කටයුතු අද ඇරඹෙයි-ලිපි බෙදාහැරීම ලබන සතියේ සිට

Shiran Viraj

ශ‍්‍රී ලංකා පිල දිගටම පරදින්නේ තරග පාවාදීම් ගැන කරන පරීක්‍ෂණ නිසයි- පුහුණුකරු හතුරුසිංහ

Shiran Viraj
Translate »