31.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
BusinessBusiness NewsNews

IOC හා Sinopec පෙට‍්‍රල්, ඩීසල් අලෙවියෙන් පාඩුයි..- කංචන

ලංකා ඉන්දීය තෙල් සමාගම හා සිනොපෙක් සමාගම පෙට්‍රල් හා ඩීසල් වර්ග හතරමහ අලෙවියෙන් පාඩු ලබමින් සිටින බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 61කින් මිල වැඩි කළ පසු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එම ලීටරයකින් ශත 61ක ලාභයක් ලබන බවත් ආණ්ඩුව සුපිරි ඩීසල් ලීටරයකට රුපියල් 104 ක බද්දක් පනවා ඇති බවත් හෙතෙම කියයි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් ශත 01 ක ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් ශත 39 ක ද, ඩීසල් ලීටරයකින් ශත 51 ක් ද, භූමිතෙල් ලීටරයකින් ශත 15 ක් ද, ලාභයක් උපයන බවත් ආණ්ඩුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 104.02 ක ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 126.71 ක ද, ඩීසල් ලීටරයකට රුපියල් 80.15 ක් ද, භූමිතෙල් ලීටරයකට රුපියල් 3.02 ක් ද, බදු අය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

හිට් විකට් වී දැවී යන්නැයි ජාතික පිලේ ක‍්‍රිකට් ක‍්‍රීඩයෙකුට මැණික් ව්‍යාපාරිකයෙක් කියලා.. ලොකු මුදලකට..

Shiran Viraj

අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාව රැස්වෙයි – ආණ්ඩුවට කොළ එළි දල්වා රතු එළි පෙන්වයි

Shiran Viraj

කොරෝනා මරණවලට ජනාධිපති-ආණ්ඩුව වගකිව යුතුයි…

Shiran Viraj
Translate »