25 C
Colombo
2026-10-06
mediahumanrights.lk
NewsPolitical

රට බේරගන්න ඕනෑ.. පක්‍ෂය මාරු නොකර ජනපති සමග එක්වෙනවා…

පක්ෂ මාරුවක් නොකර පක්ෂ නායකයාට වරදක් නොකර ජනාධිපතිවරයා එක්ක එකතු වී වැඩ කරගෙන යන්න තමන් සූදානම් බව සමගි ජන බලවේගය බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා සඳහන් කරයි.

එය තමන්ගේ යුතුකමක් හා වගකීමක් වන බව ද හෙතෙම කියා සිටියේ පස්සර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් අමතමිනි.

තම ජනතාවට ඇති අඩුපාඩුකම් ජනාධිපතිතුමන් සමග විවෘතව කතා කරන ලද බවත් පවසන ඔහු අස්වැසුම සහනාධාරය සියයට සියයක් වතුකරයේ ජනතාවට නොලැබුනද වෙනත් ව්‍යාපෘති සමඟ වතුකරයේ ජනතාවට වැඩි ප්‍රතිඵල ලැබී ඇතැයිද හෙතෙම කියා සිටී.

අද පක්ෂ පාට බලා කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක් නැති බවත් සියලු දෙනා එක්ව රට බේරා ගත යුතු කාලයක් පැමිණ ඇතැයිද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

Related posts

කෘෂිකර්මාන්තයට ණය යෝජනා ක්‍රමයක්

Shiran Viraj

විමල් අධිකරණයට අපහාස කරනවාලු

Shiran Viraj

මළ ගෙවල්වල යන්න විදිහක් නෑ.. මිනිස්සු බීලා බනිනවා..

Shiran Viraj
Translate »